ආණමඩුවේ රිය අනතුරකින් තුන් හැවිරිදි දැරියක් මරුට

ආණමඩුවේ රිය අනතුරකින් තුන් හැවිරිදි දැරියක් මරුට

by Staff writer 19-09-2020 | 12:46 PM

COLOMBO ( News 1st ) : ආණමඩුව, නවගත්තේගම, මහඋස්වැව ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් තුන් හැවිරිදි දැරියක් මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ නවගත්තේගම සිට ආණමඩුව දෙසට ධාවනය වූ මව, පියා සහ දියණියක් රැගත් යතුරු පැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තවත් යතුරු පැදියක ගැටී ඇලකට වැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල ලැබූ දැරිය ආණමඩුව හා කුරුණෑගල රෝහල්වලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.