අමෙරිකාවෙන් පිටුවහල් කළ ලාංකිකයින් පිරිසක් දිවයිනට

අමෙරිකාවෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

by Staff writer 19-09-2020 | 3:48 PM

COLOMBO (News 1st) - අමෙරිකාවෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන අංශය පැවසුවේ, ශ්‍රී ලාංකිකයින් 18 දෙනෙකු ඒ අතර වන බවයි. අමෙරිකාවේ වීසා රෙගුලාසි උල්ලංඝණය කරමින් රැඳී සිටියදී ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් පිරිස මෙලෙස පිටුවහල් කර තිබුණි. කටුනායක ගුවන්තොටුපළේදී ඔවුන් PCR පරීක්ෂණවලට යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කළ බව කටුනායක ගුවන්තොටුපළේ ආගමන විගමන අංශය පැවසීය. අප වාර්තාකරු පැවසුවේ, දින 21 නිරෝධායන ක්‍රියාවලියෙන් පසු ඔවුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවයි.