Ceylon Tea:ඉල්ලුමට හානිවීමට ඉඩ දෙන් නෑ

Ceylon Tea සඳහා ඇති ඉල්ලුමට හානිවීමට ඉඩ දෙන් නෑ - ජනාධිපති

by Staff writer 18-09-2020 | 8:30 PM

COLOMBO ( News 1st ) : ලෝක වෙළෙඳපොළේ "සිලෝන් ටී" සඳහා ඇති ඉල්ලුමට හානිවීමට මින් ඉදිරියට කිසිසේත් ඉඩ දිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා සඳහන් කළේ, ගම්මිරිස් වෙළෙඳපොළට සිදු වූ හානිය තේ කර්මාන්තයටත් ගොදුරුවීමට ඉඩ නොතබන බවයි. දිගු කලක සිට ලොව සියලු රටවල් අතර ඉමහත් ආකර්ශනයකට ලක්ව ඇති සිලෝන් ටී නාමයට හානිවීමට ඉඩ නොදෙන්නැයි ජනාධිපතිතුමා තේ කර්මාන්තශාලා හිමියන්ගෙන් ද ඉල්ලා සිටීයි. ගුණාත්මක තේ නිෂ්පාදනය පිළිබඳව සුළු හා මධ්‍ය පරිමාණ තේ කම්හල් හිමියන් සහ අපනයනයකරුවන් සමග ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ය.