20 පළමුවර කියවීම ලබන 22 වැනිදා

20 වන ව්‍යවස්ථා සං⁣ශෝධන පනත් කෙටුම්පත පළමුවර කියවීම ලබන 22 වැනිදා

by Staff writer 18-09-2020 | 9:28 AM

COLOMBO( News 1st) - 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 22 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කරන බව, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, පළවෙනි වර කියවීම සඳහා එම පනත් කෙටුම්පත එලෙස ඇතුළත් කරන බවයි. අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඉදිරිපත් කළ මෙම කෙටුම්පතට පසුගිය 02 වැනිදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය. අනතුරුව එම පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. අග්‍රාමාත්‍යවරයා විසින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් ද පත් කළ අතර එහි වාර්තාව පසුගිය 15 වැනිදා අග්‍රාමාත්‍යවරයාට භාර දෙන ලදී.