හෙරොයින් අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට

හෙරොයින් අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට

by Staff writer 18-09-2020 | 12:45 PM

COLOMBO (News 1st) - පස්යාල මීරිගම ප්‍රදේශයේ හෙරොයින් අලෙවි කරමින් සිටි කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 3 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බවයි. තවද ඇය සන්තකයේ තිබී ජංගම දුරකතන 8ක් සහ මුදලින් රුපියල් 19,300 ක් පොලිස් භාරයට ගෙන තිබේ. සැකකාරිය අද අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.