කහ සහ උදු ආනයනය කළ ජාවාරමක් වටලයි

වීදුරු ගෙන්වන මුවාවෙන් කහ සහ උදු ආනයනය කළ 10ක් දැලේ

by Staff writer 18-09-2020 | 8:12 AM

COLOMBO (News 1st) - මෙරටට ආනයනය කළ කහ කිලෝ 33,000 සහ උදු කිලෝ 3,000 සමග කන්ටේනර් රථ 03ක් ගබඩා සංකීර්ණයකදී බ්ලූමැන්ඩල් පොලිසීය භාරයට ගෙන තිබේ.

ඒ සමග, සැකකරුවන් 10 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. එම භාණ්ඩ තොගය තීරු බදු රහිතව වීදුරු ආනයනය කරන මුවාවෙන් මෙරටට ආනයනය කර තිබේ.