සුව සැරියෙන් තවත් සේවාවක්..

මානසික රෝගීන් රෝහල් වෙත ප්‍රවාහනයටත් සුව සැරිය යෙදවීමට පියවර

by Staff writer 18-09-2020 | 9:56 AM

COLOMBO (News 1st) - මානසික රෝගීන් රෝහල් වෙත ප්‍රවාහනය සඳහා ද සුව සැරිය ගිලන් රථ සේවය යෙදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එහි අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා සඳහන් කළේ, පළමු අදියර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවයි. ඒ අනුව, සුව සැරිය ගිලන් රථ සේවයේ නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් පුහුණුවක් ලබා දීමට ද නියමිත බව ඔහු ප්‍රකාශ කළේය. ප්‍රවාහනයේ පවතින ගැටලු හේතුවෙන් මානසික රෝගීන් රෝහල් වෙත ප්‍රවාහනය ප්‍රමාද වන අතර මේ හේතුවෙන් ඔවුන්ට පවතින රෝගී තත්ත්වයන් උත්සන්න වන බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි. 1920 සුවසැරිය ගිලන් රථ සේවයෙන් මානසික රෝගීන් ප්‍රවාහන ලබන මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යාංශය පැවසුවේය.