පොලීසියට පහරදුන් අටළුගම තවත් 04 ක් බන්ධනාගාරයට

පොලීසියට පහරදුන් අටළුගම තවත් 04 ක් බන්ධනාගාර ගත කරයි

by Staff writer 18-09-2020 | 2:49 PM

COLOMBO (News 1st) - බණ්ඩාරගම, අටළුගමදී පොලිස් නිලධාරින්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු තවත් සිව් දෙනෙකු අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මේ මස 22 වැනිදා තෙක් සැකකරුවන් සිව් දෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ බලංගොඩ වැඩ බලන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් බලංගොඩ, කූරගල ප්‍රදේශයේදී සැඟව සිටියදී බලංගොඩ පොලිසිය විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ ය.