පා. භෝජනාගාරයේ සැපයුම් අංශ නිලධාරියා යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු භෝජනාගාරයේ සැපයුම් අංශ නිලධාරියා යළි රිමාන්ඩ්

by Staff writer 18-09-2020 | 3:44 PM

COLOMBO( News 1st) : රුපියල් 60,000 ක අල්ලස් මුදලක් ලබාගත් පාර්ලිමේන්තු භෝජනාගාරයේ සැපයුම් අංශයේ සේවය කළ නිලධාරියාව ලබන 22 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ, සැකකරු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.අයි.කේ කාජිංගල මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. එම සැකකරුව එදිනට යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා ය. පාර්ලිමේන්තු භෝජනාගාරයට පළතුරු සැපයුම් සිදුකරන සැපයුම්කරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත්වූ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව පසුගිය 31 වැනිදා රුපියල් 60,000 ක අල්ලස් මුදල ලබාගත් අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගත්තේ ය.