ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 18-09-2020 | 6:35 AM

දේශීය පුවත්

1. NEW Diamond නැවෙන් පරිසරයට වූ හානිය ගණනය කිරීම ඇරඹේ : MT NEW Diamond නෞකාව අනතුරින් සමුද්‍රීය පරිසර පද්ධතියට වූ හානිය පිළිබඳව විශේෂඥ කණ්ඩායමක් ගණනය කිරීම් ආරම්භ කර ඇතැයි සමුද්‍රීය පාරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. 2.කැලණි සරසවි සිසුන් විරෝධතාවක: සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන්.. : කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අද විශ්වවිද්‍යාලයේ සිට පා ගමනින් පැමිණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත විය. 3. ළමයෙකු ලෙස පිළිගන්නා වයස් සීමාව වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය : අවුරුදු 18 ට අඩු තැනැත්තෙකු ළමයෙකු ලෙස පිළිගනිමින් ළමා හා තරුණ තැනැත්තන් පිළිබඳ ආඥා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 4. ජනපතිට, ආරක්ෂක ලේකම්ට හා නිලධාරීන්ට තර්ජනය කළ සිද්ධියේ සැකකරුවෙකු ලෙස ‘පොඩි ලැසී’ නම් කෙරේ :බූස්ස බන්ධනාගාරයේදී ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීමේ නඩුවේ දෙවැනි සැකකරු ලෙස සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුශංක හෙවත් ‘පොඩි ලැසී’ නැමැත්තා ඊයේ නම් කර තිබේ.

විදෙස් පුවත්

5. ලොවපුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 30 ඉක්මවයි : ලොවපුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 30 ඉක්මවා තිබේ.