ගම්මැද්ද නැවත ඇගයීමට ලක්වෙයි.

ගම්මැද්ද එක්සත් ජනපදයේ අධ්‍යයන වාර්තාවකින් ඇගයීමට ලක්වෙයි

by Staff writer 18-09-2020 | 11:54 PM
එක්සත් ජනපදයේ, ආකන්සෝ විශ්වවිද්‍යාලයේ මහජන සේවා පිළිබඳ ක්ලින්ටන් අධ්‍යයනාංශය ගම්මැද්ද සංකල්පය ඔවුන⁣⁣ගේ අධ්‍යනය⁣ට එක්ක කර ගනිමින් සංසන්ධනාත්මක අධ්‍යයන වාර්තාවක් නිකුත් කර ඇත. ක්ලින්ටන් අධ්‍යයනාංශය සිය අධ්‍යයන වාර්තාව නිකුත් කර තිබෙන්නේ, ගම්මැද්ද වැඩසටහන, 70 දශකයේ දකුණු කොරියානු ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වූ "Saumaul-Undong" ව්‍යාපාරය හා සංසන්ධනය කරමින්. මෙම අධ්‍යනය එම විශ්ව විද්‍යලයේ බ්ලේක් ෆරිස් විසින් සිදුකරමින් විශ්ලේෂණාත්මකය දක්වා ඇත්නේ 70 දශකයේ දකුණු කොරියානු පුණරුදය ඇතිවීම⁣ට හේතුවූ වැඩසටහනට "ගම්මැද්ද" ව්‍යාපෘතිය සමාන වන බවයි. එම විශ්ලේෂණය උපුටා දක්මින් නිකුත් කර ඇති මෙම අධ්‍යයන වාර්තාවෙන් ෆරිස් සිදුකර ඇත්තේ අදාළ වැඩසටහන් දෙකෙහි දර්ශනයේ හා යාන්ත්‍රණයේ සමානකම් අසමානකම් ගැඹුරින් අධ්‍යයනය කිරීමයි. "Saumaul-Undong" ව්‍යාපාරය නැතහොත් නව ගම්මාන ව්‍යාපාරය දකුණු කොරියාවේ ග්‍රාමීය දරිද්‍රතාව පිටු දැක දශක දෙකක් වැනි කාලයක් තුළ වේගවත් සංවර්ධනයක් හා කාර්මික පුනරුදය මූලික කරගනිමින් අති වූ ව්‍යාපෘතික් ලෙස සැලකේ. ගම්මැදෙහි මූලික අරමුණ ග්‍රාමීය ප්‍රජාවගේ අවශ්‍යතා වෙනුවෙන් බිම් මට්ටමේ සිට සාමූහික ප්‍රවේශයක් සමග ක්‍රියාත්මක වීමයි. ගම්මැද්ද, වත්මන් ලෝකයේ ඉදිරියෙන්ම ඇති උසස් අධ්‍යන ආයතන ලෙස සැලකෙන විශ්ව විද්‍යාලයන් වන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් සහ බ්‍රවුන් විශ්ව විද්‍යාලයෙන් ද එක්සත් ජාතින්‍ගේ සංවිධානයෙන්ද ඇගයීමට ලක්විය.
බ්ලේක් ෆරිස් ක්ලින්ටන් රාජ්‍ය සේවා පාසල "COVID-19 දුෂ්කරතා මධ්‍යයේ වුවද ගම්මැද්ද සමග වැඩ කිරීමට අවස්ථාව ලැබීම, ග්‍රාමීය සංවර්ධනයට උර දෙන ප්‍රමුඛ සංවිධානයට අර්ථවත් ආකාරයකින් දායක වීමට හැකිවීම පුද්ගලිකව ලැබුණු මහඟු අවස්තාවක්. ගම්මැද්ද වැනි ග්‍රාමීය ප්‍රජාවන්ගේ අවශ්‍යතා උනන්දුවෙන් හා නිර්මාණශීලීව සපුරාලන සංවිධානයක් ඕනෑම රටක අවශ්‍යතාවක් ලෙසයි මා විශාවාස කරන්නෙ. මෙම ව්‍යාපෘතිය ගම්මැද්ද සහ ආකන්සෝ විශ්වවිද්‍යාලයේ ක්ලින්ටන් රාජ්‍ය සේවා පාසල අතර දිගුකාලීන හවුල්කාරිත්වයට ආරම්භය බව මගේ විශ්වාසයයි . ශෙවාන් ඩැනියෙල් - සමුහ අධ්‍යක්ෂ සීමාසහිත කැපිටල් මහරාජා සමූහය "මෙම අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ මනාව සැලසුම් කල ක්‍රමානුකූලව මෙහෙය වූ. ප්‍රජාව විසින්ම ක්‍රමානුකූලව ක්‍රියාත්මක කළ විශ්මය ජනක ක්‍රියාවලියයි."