මානසික රෝගීන් රෝහල් වෙත ප්‍රවාහනයටත් සුව සැරිය යෙදවීමට පියවර

මානසික රෝගීන් රෝහල් වෙත ප්‍රවාහනයටත් සුව සැරිය යෙදවීමට පියවර

මානසික රෝගීන් රෝහල් වෙත ප්‍රවාහනයටත් සුව සැරිය යෙදවීමට පියවර

කර්තෘ Staff writer

18 Sep, 2020 | 9:56 am

COLOMBO (News 1st) – මානසික රෝගීන් රෝහල් වෙත ප්‍රවාහනය සඳහා ද සුව සැරිය ගිලන් රථ සේවය යෙදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එහි අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා සඳහන් කළේ, පළමු අදියර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවයි.

ඒ අනුව, සුව සැරිය ගිලන් රථ සේවයේ නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් පුහුණුවක් ලබා දීමට ද නියමිත බව ඔහු ප්‍රකාශ කළේය.

ප්‍රවාහනයේ පවතින ගැටලු හේතුවෙන් මානසික රෝගීන් රෝහල් වෙත ප්‍රවාහනය ප්‍රමාද වන අතර මේ හේතුවෙන් ඔවුන්ට පවතින රෝගී තත්ත්වයන් උත්සන්න වන බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

1920 සුවසැරිය ගිලන් රථ සේවයෙන් මානසික රෝගීන් ප්‍රවාහන ලබන මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යාංශය පැවසුවේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]