නිරිත දිග කොටසේ වැසි හා සුළං තත්ත්වයේ වැඩිවීමක්

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි හා සුළං තත්ත්වයේ වැඩිවීමක්

by Staff writer 18-09-2020 | 7:38 AM

COLOMBO (News 1st)  - අද සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි හා සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, ලබන 21 වැනිදා දක්වා එම තත්ත්වය පැවතිය හැකි බවයි. මෙම කාලය තුළ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ක පමණ වැසි ඇතිවිය හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය. අතුල කරුණනායක මහතා සඳහන් කළේ, මුහුදු ප්‍රදේශවල ද සුළං වේගය වැඩිවිය හැකි බවයි. මේ අතර හෙට සිට ලබන 22 වැනිදා දක්වා මධ්‍යම, ඊසානදිග හා නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ දැනටමත් එම ප්‍රදේශවලට ගොස් ඇත්නම් ආරක්ෂිත ප්‍රදේශයක් වෙත ගමන් කරන ලෙසයි.