කැබිනට් තීරණ..

2021 විසර්ජන පනත් කෙටුම්පත ඔක්තොම්බර් දෙවැනි සතියේ පාර්ලිමේන්තුවට

by Staff writer 17-09-2020 | 3:27 PM

COLOMBO (News 1st) - කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනා කිහිපයකට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට 2021 විසර්ජන පනත් කෙටුම්පත ලබන ඔක්තෝබර් මස දෙවැනි සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ති‌බේ. මේ අතර කම්කරු පනත් 05 ක් සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවිය. කෙරවලපිටියේ මෙගාවොට් 300 ක, LNG බලාගාරයක් ඉදිකිරීම ද කැබිනට් රැස්වීමේදී එකඟ වූ තවත් යෝජනාවකි. ඒ අනූව ජාත්‍යන්තර තරඟකාරී ලංසු ක්‍රියාවලියක් මගින් ඒ සඳහා ආයෝජකයෙකු හඳුනා ගැනීමට සඳහා ද අනුමැතිය හිමිවිය.