20 වන ව්‍යවස්ථා සංශෝධනයට දැන් සිදුවන්නේ කුමක් ද?

20 අධ්‍යයනයට පත්කළ කමිටුවේ වාර්තාවට සිදු වූයේ කුමක් ද?

by Staff writer 17-09-2020 | 8:34 PM

COLOMBO (News 1st) - 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව අධ්‍යයනය කිරීමට අගමැතිවරයා පත්කළ කමිටුවේ වාර්තාවට සිදු වූයේ කුමක් ද?

ඊයේ කැබිනට් මණ්ඩලයට එය ඉදිරිපත්කරන බව කළින් ප්‍රකාශ කළත් එය සංවාදයට ලක්නොවූ බව ඇමතිවරුන් කිහිපදෙනෙකු පවසා තිබේ. නමුත් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වුනේ එය සාකච්ඡාවට ලක් වූ බවයි. 20 වන ව්‍යවස්ථා සංශෝධනයට දැන් සිදුවන්නේ කුමක් ද? පසුගිය අගෝස්තු 19 වැනි දා පැවති නව රජයේ පළමු කැබිනට් රැස්වීමේදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට අමාත්‍ය අනුකමිටුවක් පත් කර තිබේ. ජනාධිපති නීතිඥ අලි සබ්රි, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල හා මහාචාර්ය ජී. එල් පීරිස් යන අමාත්‍යවරුන් එම කමිටුවට ඇතුළත් විය. පසුව සැප්තැම්බර් 2 වැනි දා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නමින් ලියවිල්ලක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අතර පසුව එය ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කළේ ය. පසුව මේ ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සහ ආණ්ඩු පක්ෂයේ සාමාජිකයින්ගෙන්ම විවේචන එල්ල විය. මේ ඒ පිළිබඳ සවිස්තර වාර්තාවකි.. https://www.facebook.com/NewsfirstSL/videos/3034593606644741/