'විකාරි' අමෙරිකාවේ චිත්‍රපට උළෙලකට

'විකාරි' කෙටි චිත්‍රපටය ස්ක්‍රීම්ෆෙස්ට් ත්‍රාසජනක චිත්‍රපට උළෙලේ තීරගත කිරීමට නිර්දේශ වෙයි

by Staff writer 17-09-2020 | 10:27 PM

COLOMBO (News 1st) - සඳුන් සෙනෙවිරත්න මහතාගේ 'විකාරි' කෙටි චිත්‍රපටය ලබන ඔක්තෝම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ස්ක්‍රීම්ෆෙස්ට් ත්‍රාසජනක චිත්‍රපට උලෙලේ තීරගත කිරීම සඳහා නිර්දේශ වී තිබේ.

විකාරි චිත්‍රපටයේ රංගනයෙන දායකත්වය ලබාදෙන්නේ, අෂාන් ඩයස්, බිම්සරා ප්‍රේමරත්න සහ බ්‍රිතාන්‍ය නළුවෙකු වන රිචඩ් ඩී රොබට්ස්. ස්ක්‍රීම්ෆෙස්ට් චිත්‍රපට උළෙල අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර ලබන ඔක්තෝම්බර් මාසයේ පැවැත්විමට නියමිතය. ' විකාරි' කෙටි චිත්‍රපටයට මීට පෙර වසරවල ප්‍රදර්ශනය වූ ලොව විශිෂ්ට ගණයේ ලා සැලකෙන පැරනෝමල් ඇක්ටිවිටි සහ ද ග්‍රජ් වැනි චිත්‍රපට හා සමාන බවට සැලකේ. https://www.facebook.com/NewsfirstSL/videos/371126757603842/