වන අලියෙකුගේ මළ සිරුරක් ඇතිමලෙන්

වන අලියෙකුගේ මළ සිරුරක් ඇතිමලෙන්

by Staff writer 17-09-2020 | 4:26 PM

COLOMBO (News 1st) - මිය ගිය වන අලියෙකුගේ සිරුරක් මොනරාගල, ඇතිමලේ වනජීවි කාර්යාල නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ සොයා ගනු ලැබිණි.

ඒ, ඇතිමලේ පොලිස් බල ප්‍රදේශයට අයත් කරගහඇල්ල අමුණ ආසන්නයෙනි. ප්‍රදේශවාසින්ගෙන් ලද තොරතුරකට අනුව සිරුර සොයාගත් අතර, අවුරුදු 5ක් පමණ වයසැති මෙම වන අලියාගේ උස අඩි 5කි. වන අලියා මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. පශ්චාත් මරණ පරීක්ෂණය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.