මහාපරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

by Staff writer 17-09-2020 | 11:00 AM

COLOMBO (News 1st) - මහා පරිමාණයෙන් පවත්වා ගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට හලාවත කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් සමත් විය.

මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය කොස්වත්ත, හාල්දඩුවන ප්‍රදේශයේ විශාල නිවසක පවත්වා ගෙන ගොස් ඇති බව වාර්තා වේ. අප වාර්තාකරු පැවසුවේ, වැටලීමේදී මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වා ගෙන පුද්ගලයා අත්අඩංගුවට ගත් බවය. නිෂ්පාදනාගාරයේ තිබී නීති විරෝධී මත්පැන් බෝතල් 580 ක්, ගෝඩා බැරල් 21 ක් සහ උපකරණ රැසක් පොලිස්භාරයට ගෙන තිබේ. නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා සැකකරු කෝටි 3ක් පමණ වටිනා නිවස ලබා ගෙන ඇත්තේ කුලී පදනම මතයි . සැකකරු කුලී පදනම මත ලබා ගත් මෝටර් රථයෙන් මත්පැන් අලෙවි කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සැකකරු අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.