by Staff writer 17-09-2020 | 6:44 PM
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ඒ, ව්‍යාපෘතියේ 6 වැනි සංවත්සරය වෙනුවෙනි.
ඉදිවෙමින් පවතින වරාය නගරයේ ආදර්ශ ආකෘතිය සහිත ප්‍රදර්ශන පීඨයට ගිය අගමැතිවරයා ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලුවේ ය.
වරයා නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය, පොදු වෙරළ තීරය නිරීක්ෂණය කළ මහින්ද රාජපක්ෂ මහතා එහි ඉදිකිරීමට යෝජිත ගොල්ෆ් පිටියට පැමිණ ගොල්ෆ් ක්‍රීඩාවේ ද නිරත විය.
වරාය නගර මධ්‍ය උද්‍යානයේ මැයි මාර ගසක් රෝපණය කිරීම ද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.
2014 සැප්තැම්බර් 17 වැනි දා ඉදිකිරීම් ආරම්භ වූ වරාය නගරය වෙනුවෙන් හෙක්ටයාර 269 මුහුද ගොඩකර භූමිය සකසා අවසන්කර ඇති අතර කිලෝමීටර 3.2 ක දිය කඩනයේ ඉදිකිරීම් ද මේ වනවිට අවසන් ය.
https://www.facebook.com/NewsfirstSL/videos/673320626648783/