විරෝධතාවයකින් උණුසුම් වූ රත්නපුර..

කම්කරු කාර්යාල සේවක විරෝධතාවයකින් උණුසුම් වූ රත්නපුර...

by Staff writer 17-09-2020 | 8:54 PM

COLOMBO (News 1st) - රත්නපුර දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ඉදිරිපිට අද පෙරවරුවේ පැවැති විරෝධතාවක් නිසා උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

විරෝධතාව පැවැත්වුනේ, දිස්ත්‍රික් කම්කරු කාර්යාලය අවිස්සාවේල්ලට රැගෙනයාමේ සූදානමට විරුද්ධවයි. කම්කරුවන් ඇතුළු පිරිසක් රත්නපුර දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ඉදිරිපිටදී අද මේ විරෝධතාව පැවැත්වූයේ දෙවන දිනයටයි. අධිකරණය නියෝගය පිළිබඳව පොලීසිය කළ දැනුවත් කිරීම් නොතකා පිරිස රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගය හරස් කරමින් විරෝධතාවයේ නිරත විය. ඔවුන්ගේ ඉල්ලීම වූයේ රත්නපුර දිස්ත්‍රික් කම්කරු කාර්යාලය අවිස්සාවේල්ලට ගෙන යාම නවතා දැමිය යුතු බවයි. පසුව විරෝධතාකරුවන් රත්නපුර දිස්ත්‍රික් කම්කරු කාර්යාලයට ඇතුළු විය. පසුව රත්නපුර සහකාර පොලිස් අධිකාරිවරයා එම ස්ථානයට පැමිණ තිබේ. එහිදී ඔහු පිරිසට දැනුම් දුන්නේ, ගැටලුව විසඳීමට තමන් මැදිහත් වන බවයි. යළිත් කෙටි වේලාවක් විරෝධතාවයේ නිරත වූ පිරිස පසුව විසිර ගියහ. https://www.facebook.com/NewsfirstSL/videos/1352824438253517/