කැලණි සරසවි සිසුන් විරෝධතාවක: සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන්..

කැලණි සරසවි සිසුන් විරෝධතාවක: සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන්..

කැලණි සරසවි සිසුන් විරෝධතාවක: සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන්..

කර්තෘ Staff writer

17 Sep, 2020 | 9:12 pm

COLOMBO (News 1st) – කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අද විශ්වවිද්‍යාලයේ සිට පා ගමනින් පැමිණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

ඔවුන්ගේ ඉල්ලීම වූයේ දැනට පන්ති තහනමට ලක්ව ඇති සිසුන්ගේ දඬුවම ලිහිල් කරන ලෙසයි.

විශ්වවිද්‍යාල භූමියේ සවිකර ඇති ආරක්ෂිත කැමරා පද්ධතියට හානි කිරීමේ චෝදනා මත සිසුන් පිරිසකට මෙම පන්ති තමනම පනවා තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමග සාකච්ජාවක් සඳහා සිසුන්ට අවස්ථාව හිමි විය.

නමුත් සාකච්ඡාව අවසන්වී තිබුනේ විසඳුමකින් තොරවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]