by Staff writer 16-09-2020 | 10:20 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳ සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.
ඒ, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසිනි.
විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ති පෙරේරා, රාගම වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය ප්‍රශාන්ත විජේසිංහ, විශේෂඥ වෛද්‍යවරුන් වන අනුලා විජේසුන්දර, මෛත්‍රී චන්ද්‍රරත්න සහ දර්ශන සිරිසේන මහත්ම මහත්මීන් කමිටුවේ සාමාජිකයින් වනු ඇත.
වෛද්‍ය සභාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විවිධ පාර්ශවවලින් පැමිණිලි ලැබීම සැළකිල්ලට ගෙන එම කමිටුව පත්කළ බව සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා ය.
ඒ, කෙරෙහි ප්‍රධාන කරුණු 5 ක් බලපෑ බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙයි.
ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාල කිහිපයක ලියාපදිංචිය අහෝසි කිරීමේ සිදුවීම් මාලාව, පුරප්පාඩු වී ඇති වෛද්‍ය සභා නියෝජිතයින් පත් කිරීම සඳහා වූ නිලවරණය කල් දැමීම, අවශ්‍ය අවම සුදුසුකම් හෝ සපුරා නොමැති වෛද්‍යවරුන් ලියාපදිංචිය යන කරුණු ඊට ඇතුළත් ය.
ඊට අමතරව විදෙස් වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන්ගේ වෛද්‍ය උපාධිය ලියාපදිංචි කිරීමට පත්වනු ලබන E.R.P.M විභාගය කල් දැමීම සහ වෛද්‍ය සභාවේ විෂය පථයට හා පවතින නීතිවලට පරිබාහිරව වෛද්‍ය සභාව තුළ පැමිණිලි විභාග කිරීම යන කරුණු සම්බන්ධයෙන් ද කමිටුවේ අවධානය යොමු කළ යුතුය.
ඒ පිළිබඳව කරුණු විමසා වෛද්‍ය සභාවෙන් කරුණු විමසා වාර්තාවක් ලබාගත යුතු වේ.
අනතුරුව එම කරුණු අධ්‍යනය කර, ස්වාධීන වාර්තාවක් සකස් කර තමාට භාර දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරිය කමිටුවට දැනුම් දී ඇත.