by Staff writer 16-09-2020 | 4:57 PM
COLOMBO (News 1st) : ලග්ගල ප්‍රදේශයේ පුද්ගලයෙකු ගසක් මතට නැග උපවාසයක් ආරම්භ කර තිබේ.
ඒ, තම වගාව සඳහා පොහොර ලබා ගැනීමට නොහැකි බව පවසමිනි.
ගොවිජන සේවා මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන කිහිපයකට තමන් ගියද පොහොර නොමැති බව ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලයෙන් අප විමසිමක් කළේය.
එහි දිස්ත්‍රික් නියෝජ්‍ය කොමසාරිස් බී. එම්. සී. එච්. කුමාරිහාමි මහත්මිය සඳහන් කළේ, වැඩි මිල පොහොර හිඟයක් මේ දිනවල පවතින බවයි.
ප්‍රදේශයට අවශ්‍ය වැඩිමිල පොහොර ලක් පොහොර සමාගමෙන් ලබන සඳුදා දිනයේ ලබා දෙන බවට දැනුම් දී ඇති බව ඇය ප්‍රකාශ කළාය.