මාතලේ උණුසුම් කළ පොලීසියට එරෙහි උද්ඝෝෂණය

මාතලේ උණුසුම් කළ පොලීසියට එරෙහි දෙමව්පිය උද්ඝෝෂණය

by Staff writer 16-09-2020 | 10:31 PM

COLOMBO (News 1st) - පොලිස් නිල නිවාස සංකීර්ණයකට අවහිරවන බව කියමින් පාසලකට පිවිසෙන මාර්ගයක් අවහිර කිරීමට විරුද්ධව පැවති උද්ඝෝෂණයක් නිසා මාතලේ අද උණුසුම් තත්ත්වයක් ඇති විය.

මෙලෙස විරෝධය පළ කළේ, මාතලේ විජේපාල විද්‍යාලයේ සිසුන්ගේ මවුපියන් ආදි සිසුන් ඇතුළු පිරිසකි. විදුහලට පැමිණීම සඳහා වසර ගණනාවක සිට භාවිත කළ මාර්ගයක් පොලීසිය විසින් අවහිර කරනු ලැබ ඇතැයි පවසමින් මේ විරෝධතාව සංවිධානය කර තිබුණි. අප වාර්තාකරු පැවසුවේ, විදුහලට පැමිණීමට මාර්ග දෙකක් ඇති අතර පිටුපසින් ඇති මාර්ගය අවහිර කර ඇතැයි විරෝධතාකරුවන් චෝදනා කළ බවයි. අනතුරුව ප්‍රදේශවාසීන්, ඒ-9 මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කළ අතර දැඩි වාහන තදබදයක් ද ඇති විය. තත්ත්වය සමනය කිරීම සඳහා පොලීසිය ද එහි පැමිණ තිබේ. අප වාර්තාකරු පැවසුවේ, පොලිස් නිලධාරීන් පැමිණ මෙතෙක් අවහිර කර තිබූ ගේට්ටුව ඉවත් කළ බවයි. අනතුරුව විරෝධතාකරුවන් විසිර ගොස් ඇත. https://www.facebook.com/NewsfirstSL/videos/3572157866127879/