මාතර ආපන ශාලාවකට මැර ප්‍රහාරයක්...

by Staff writer 16-09-2020 | 4:19 PM

COLOMBO (News 1st) - මාතර, වැල්ලමඩම ප්‍රදේශයේ රාත්‍රී ආපන ශාලාවකට කඩා වැදුණු මැර පිරිසක් එහි දේපොළවලට හානි සිදු කර තිබේ.

පෙරේදා (14) රාත්‍රී 12.00 ට පමණ මෙම ආපන ශාලාවට සිව්දෙනෙකුගෙන් යුත් පිරිසක් පැමිණ තිබේ. ඔවුන් අදාළ ආපන ශාලාවේ දේපොළවලට හානි සිදු කරන අතරතුර එහි හිමිකරුගේ පුත්‍රයා පැමිණි අතර ඔහු ආ මෝටර් රථයට ද පහර දී තිබේ. මේ වනවිට සැකකරුවන් හඳුනාගෙන ඇති අතර පොලීසිය පැවසුවේ, ඔවුන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවය. සිද්ධියේ ප්‍රධාන සැකකරු මින් පෙර මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට බන්ධනාගාරගතව පැමිණි අයෙක් බව ද පොලීසිය සඳහන් කළේය.