COLOMBO (News 1st) - රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ පැවැති උත්සවයකදී යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ඔහු මෙවර යෝජනා කළේ, ජනතාව බැංකු හා මූල්‍ය ආයතනවල තැන්පත් කර ඇති මුදල්වලින් කොටසක් මෙරට කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කළ යුතු බවයි.
මුදල්,ප්‍රාග්ධන වෙළඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා,
මීට දින කිහිපයකට පෙර අපි සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කොටස් තැරැව්කරුවන් සහ කොළඹ කොටස් හුවමාරුව සමග රැස්වීමක් පැවැත්තුවා. එහිදී මට ඔවුන්ට කියන්න තිබුනේ ඉතා සරල දෙයක්. ඒ තමයි ට්‍රිලියන 10 කට ආසන්න වටිනාකමින් යුත් තැම්පත් අපගේ බැංකු හා මූල්‍ය සමාගම්වල සතුව තියනවා. එයින් ට්‍රිලියන 9 ක් පමණ තැන්පතු බැංකුවල තියනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 9000 ක්. මූල්‍ය සමාගම්වලට තවත් රුපියල් බිලියන 1000 ක් පමණ තියනවා. දැන් මේ ට්‍රිලියන 10න් සියයට 1 ක් රුපියල් බිලියන 100 ක්. දැන් ඊපීඑෆ් ගත්තොත් ඒගොල්ලෝ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කළා රුපියල් බිලියන 71 ක්. ඒ ආයෝජනය එතරම් විශාල බලපෑමක් ඇති කළා නම් කොටස් වෙළඳපොළට, අපේ ලංකිකයන්ට පුළුවන් ඊට වඩා ලොකු බලපෑමක් ඇති කරන්න කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම තුළින්. මොකද කොටස් වෙළෙඳපොළේ අද හොඳ මිලක් ඇති බැවින් එම කොටස්වල මිල දළ වශයෙන් අඩුයි. එබැවින් ශ්‍රී ලාංකිකයන්ට එය මිලදී ගැනීමට ඉඩ දෙන්න. වෙන කිසිවෙකු මිල දී නොගන්නේ නම් ශ්‍රී ලාංකිකයන්ට එම කොටස් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන්න.
නිශ්චිත ආදායමක් නොලැබෙන ආයෝජනවල බැංකු හා මූල්‍ය ආයතනවල ඉතුරුම් යෙදවීමට කරන මේ යෝජනාව පිළිබඳව ආර්ථික විශේෂඥයින් දක්වන්නේ මෙවන් ප්‍රතිචාරයකි.
ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා,
විශාල වශයෙන් පුද්ගලයන් බැංකුවල ඉතිරි කරන්නේ බැංකුවල තියෙන විශ්වාසවන්තභාවය සම්බන්ධයෙන් තැන්පතු ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ රජයේ බැංකුවල ඒකට මුලික හේතුව තමයි මහජනතාටව විශ්වාසයක් තියෙනවා. රාජ්‍ය බැංකුවලින් මුදල්වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්නයක් වුණත් රජය මැදිහත්වෙලා වගවෙලා ඒ තැන්පතුකරුවන්ට මුදල් ලබාදෙයි කියලා. ඉතින් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කළත් වෙනත් ඕනෑම ආයෝජනයක කළත් ඒ සඳහා තීරණය ගතයුත්තේ ජනතාව මොකද අපිට අත්දැකීම් තියෙනවා සමහර මූල්‍ය ආයතන බංකොලොත් වෙච්ච අවස්ථා ඒ නිසා මේ මූල්‍ය පද්ධතිය පිළිබඳව ජනතාව විශ්වාසවන්තභාවය කියන සාධකයත් එක්ක තමයි සල්ලි සහ මුදල් ආයෝජනය කරන්නේ ඒ නිසා ඒ පිළිබඳව තීරණය තමන් කොහේ ද ආයෝජනය කරන්නේ කොච්චර ගැලපෙනවා ද කියන එක ඒ තීරණය ජනතාව තමයි ගන්න ඕනේ. ඒකට මම හිතන්නේ කොන්දේසි සහ නීති පනවන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි.
කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම නිසා මහ බැංකු බැඳුම්කර වංචාවේදී සහ කොටස් වෙළෙඳපොළ කුප්‍රකට පම්පින් ඇන්ඩ් ඩම්පින් ක්‍රියාවළියේදීත් සේවක අර්ථ සාධක අරමුදලට මෙන්ම රාජ්‍ය බැංකුවලටත් සිදු වූ පාඩුව අප අවස්ථා ගණනාවකදී පෙන්වාදී තිබේ.
පළමු බැඳුම්කර වංචාව නිසා සේවක අර්ථ සාධක අරමුදලට අහිමි වූ මුදල රුපියල් බිලියන 8.5 කි.
බෝඩ් ලෑල්ලක් පමණක් තිබූ සමහර ව්‍යාපාරවල කොටස් මිලදී ගෙන සේවක අර්ථ සාධක අරමුදල මෙන්ම සාමාන්‍ය ආයෝජකයින්ගේ මුදල්වලටත් සිදු වූ හානිය ගැන අත්දැකීම් ඕනෑ තරම් අප සතුව පවති.
මෑතකදී නිකුත් වූ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වාර්ෂික වාර්තාව අනාවරණය කරන ආකාරයට එම සමාගමේ 2019/20 පාඩුව රුපියල් බිලියන 47.2 කි.
පසුගිය වසර 10 තුළ මේ සමාගම රුපියල් බිලියන 245 ක පාඩුවක් ලබා තිබේ.
සේවක අර්ථ සාධක අරමුදල ද ශ්‍රීලංකන් සමාගමේ මුදල් ආයෝජනය කර ඇති අතර ඊට වැඩිම ණය ප්‍රමාණයක් ලබාදී ඇත්තේ රාජ්‍ය බැංකු මගිනි.
මේ ණය හා ආයෝජන සඳහා මෙතරම් පාඩු ලබන රාජ්‍ය සමාගමකින් ලැබෙන ප්‍රතිලාභය කුමක් ද?
රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා බැංකු හා මූල්‍ය ආයතනවල ජනතා ඉතුරුම් කොටස් වෙළෙඳපොළ ආයෝජනය කරන්නැයි යෝජනා කරන්නේ අවිනිශ්චිත තත්ත්වයන් ආයෝජන සම්බන්ධයෙන් පවතිද්දීයි.
https://www.facebook.com/NewsfirstSL/videos/349795449474743/