ත්‍රීරෝද රථ,යතුරු පැදි ධාවනයට වම්පස මංතීරුව

ත්‍රීරෝද රථ සහ යතුරු පැදි අද සිට වම්පස මංතීරුවේ ධාවනයට රියැදුරන්ට උපදෙස්

by Staff writer 16-09-2020 | 8:46 AM

COLOMBO (News 1st) - මංතීරු නීතීයට අනුව, ත්‍රීරෝද රථ සහ යතුරු පැදි, අද සිට වම්පස මංතීරුවේ ධාවනය කරන ලෙස පොලීසිය රියැදුරන්ට උපදෙස් ලබා දෙයි.

පොලිස් රථවාහන කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ, මංතීරු නීතිය ක්‍රියාත්මක කළ ඊයේ හා පෙරේදා දිනවල සිදුවූ අඩුපාඩු වැලැක්වීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි. කොළඹ ප්‍රධාන මාර්ග 4 ක අදත් මංතීරු නීතිය ක්‍රියාත්මක බව ද ඔහු ප්‍රකාශ ක‍ළේය.