ගම්පහ සණස බැංකුවේ කෝටි 75 ක වංචාවක්

ගම්පහ සණස බැංකුවේ කෝටි 75 ක වංචාවක්: තැන්පත්කරුවන් ජනපති කාර්යාලය ඉදිරියට

by Staff writer 16-09-2020 | 10:28 PM

COLOMBO (News 1st) - ගම්පහ දිස්ත්‍රික් සණස බැංකු තැන්පත්කරුවන් අද කොළඹදී විරෝධතාවක නිරත විය.

කොටුව දුම්රිය ස්ථානයේ සිට පා ගමනින් පිරිස ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාකරුවන් සඳහා වෙන් කළ ස්ථානයට පැමිණ තිබේ. ඔවුන් චෝදනා කරන්නේ ගම්පහ දිස්ත්‍රික් සණස බැංකුවේ පාලනාධිකාරිය රුපියල් කෝටි 75 ක සිය තැන්පතු මුදල් වංචා කර ඇති බවය. විරෝධතාකරුවන්ගෙන් කිහිප දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු හමුවීමට අවස්ථාව හිමි විය. අනතුරුව ගැටලුව පිළිබඳව ඉදිරි දිනයක යළි සාකච්ඡාවක් සිදු කිරීමේ එකඟතාව මත පිරිස විසිර ගොස් තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/1029044207567524/