ඌව සෞඛ්‍ය සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

ඌව පළාතේ සෞඛ්‍ය සේවකයින් පිරිසක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

by Staff writer 16-09-2020 | 7:29 AM

COLOMBO (News 1st) - ඌව පළාතේ සෞඛ්‍ය සේවකයින් පිරිසක් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වේ.

ඒ ප්‍රවාහන දීමනා කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමිනි. ඌව පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුගේ සංගමයේ සභාපති ආර්.ඒ.එන්.කේ.රණවක මහතා පැවසුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරී ශ්‍රේණි 18 ක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්වන බවයි. මේ අතර රජයේ විකිරණවේදීන් එක්දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක අද නිරත වේ. රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කළේ, සිය රාජකාරි සඳහා බලපෑම් එල්ලවීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි. කෙසේ වෙතත් ළමා රෝහල් හා මාතෘ රෝහල්වල එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන බව ද ඔහු පැවසුවේය.