අවිස්සාවේල්ලේ රිය අනතුරකින් තිදෙනෙකු මරුට

අවිස්සාවේල්ලේදී ත්‍රීරෝද රථයක් සහ ලොරියක් ගැටීමෙන් තිදෙනෙකු මරුට

by Staff writer 16-09-2020 | 10:24 AM

COLOMBO (News 1st): අවිස්සාවේල්ල - රත්නපුර මාර්ගයේ දිවුරුම්පිටිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද අලුයම අනතුර සිදුව ඇති බවයි. ලොරි රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටීමෙන් අනතුර සිදුව තිබේ. පොලීසිය පැවසුවේ, ඔවුන් 48, 53 සහ 57 යන වයස්වල පසුවන නැදුන්ගොල්ල, මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි. අනතුර සම්බන්ධයෙන්, ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.