මාතර ආපන ශාලාවකට මැර ප්‍රහාරයක්…

මාතර ආපන ශාලාවකට මැර ප්‍රහාරයක්…

කර්තෘ Staff writer

16 Sep, 2020 | 4:19 pm

COLOMBO (News 1st) – මාතර, වැල්ලමඩම ප්‍රදේශයේ රාත්‍රී ආපන ශාලාවකට කඩා වැදුණු මැර පිරිසක් එහි දේපොළවලට හානි සිදු කර තිබේ.

පෙරේදා (14) රාත්‍රී 12.00 ට පමණ මෙම ආපන ශාලාවට සිව්දෙනෙකුගෙන් යුත් පිරිසක් පැමිණ තිබේ.

ඔවුන් අදාළ ආපන ශාලාවේ දේපොළවලට හානි සිදු කරන අතරතුර එහි හිමිකරුගේ පුත්‍රයා පැමිණි අතර ඔහු ආ මෝටර් රථයට ද පහර දී තිබේ.

මේ වනවිට සැකකරුවන් හඳුනාගෙන ඇති අතර පොලීසිය පැවසුවේ, ඔවුන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවය.

සිද්ධියේ ප්‍රධාන සැකකරු මින් පෙර මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට බන්ධනාගාරගතව පැමිණි අයෙක් බව ද පොලීසිය සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]