by Staff writer 16-09-2020 | 7:36 AM
COLOMBO (News 1st) - මෙරටට ආනයනය කරන ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ සෑම මසකම එක් ඖෂධයක් දේශීයව නිෂ්පාදනය කිරීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පියවර ගෙන තිබේ.
ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙහි සභාපති උත්පල ඉන්ද්‍රවංශ මහතා ප්‍රකාශ කළේ, ගෙවුනු මාස 08 තුළ ආනයනය කරන ඖෂධ 15 කට අධික සංඛ්‍යාවක් දේශීයව නිෂ්පාදනය කර ඇති බවයි.
'අලුත් රටට - අලුත් බෙහෙත්' යන වැඩසටහන යටතේ මෙම ඖෂධ නිෂ්පාදනය සිදු කෙරෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.
වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ප්‍රකාශ කළේ, මෙම වැඩපිලිවෙල යටතේ ඖෂධ අපනයනය කිරීමට ද සැලසුම් කර ඇති බවයි.