අවිස්සාවේල්ලේදී ත්‍රීරෝද රථයක් සහ ලොරියක් ගැටීමෙන් තිදෙනෙකු මරුට

අවිස්සාවේල්ලේදී ත්‍රීරෝද රථයක් සහ ලොරියක් ගැටීමෙන් තිදෙනෙකු මරුට

අවිස්සාවේල්ලේදී ත්‍රීරෝද රථයක් සහ ලොරියක් ගැටීමෙන් තිදෙනෙකු මරුට

කර්තෘ Staff writer

16 Sep, 2020 | 10:24 am

COLOMBO (News 1st): අවිස්සාවේල්ල – රත්නපුර මාර්ගයේ දිවුරුම්පිටිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද අලුයම අනතුර සිදුව ඇති බවයි.

ලොරි රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ, ඔවුන් 48, 53 සහ 57 යන වයස්වල පසුවන නැදුන්ගොල්ල, මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.

අනතුර සම්බන්ධයෙන්, ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]