20 අධ්‍යයන කමිටුවේ වාර්තාව අද ජනපති හා අගමැතිට

20 ගැන අධ්‍යයනයට පත් කළ කමිටුවේ වාර්තාව අද ජනපති හා අගමැතිට

by Staff writer 15-09-2020 | 7:25 AM

COLOMBO (News 1st) - 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට පත්කළ කමිටු වාර්තා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට භාරදීමට නියමිතව තිබේ.

ඒ, අදාළ කමිටුව ඊයේ පස්වරුවේ රැස්වීමෙන් අනතුරුවයි. කමිටු සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ නිවසේදී පැය කිහිපයක් පැවති සාකච්ඡාවෙන් පසු කමිටු සාමාජිකයින් මාධ්‍යට අදහස් පළ කරමින් ඒ බව පවසා ඇත. අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති කමිටුවට උදය ගම්මන්පිල, මොහොමඩ් අලි සබ්‍රි, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ යන අමාත්‍යවරුන් ඇතුළත් ය. මීට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, එස්. ව්‍යාලේන්ද්‍රන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා සහ ප්‍රේමනාත් සී. දොලවත්ත යන මහත්වරුන් ද කමිටුවට පත්කර තිබේ.