20 ගැන අධ්‍යයනයට පත් කළ කමිටුවේ වාර්තාව අගමැතිට

20 ගැන අධ්‍යයනයට පත් කළ කමිටුවේ වාර්තාව අගමැතිට

by Staff writer 15-09-2020 | 3:59 PM
COLOMBO (News 1st) : 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනයට පත් කළ කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දී තිබේ. අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ, එම කමිටුව විසින් අදාළ වාර්තාව අද අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාට භාර දුන් බවයි. කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අදාළ කමිටුවේ සභාපතිත්වය දරනු ලබන්නේ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසිනි. 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් කළ අධ්‍යයනයේදී හඳුනාගත් අලුතින් එක් කළ යුතු හා සංශෝධනය කළ යුතු කරුණු සම්බන්ධයෙන් කමිටු සාමාජිකයන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබේ. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට අග්‍රාමාත්‍යවරයා විසින් මෙම කමිටුව පසුගියෙදා පත් කෙරිණි.