ලෝකෙම මිනිස්සු එක දවසක් තුළ මිය යාවී

සොබා දහමත් ඉවසලා බැරිම තැන මිනිස්සුන්ට දඬුවම් කරන්න පටන් අරන් - ආදිවාසී නායක

by Staff writer 15-09-2020 | 7:50 PM

COLOMBO ( News 1st ) : ආදිවාසී නායක ඌරු වරිගේ වන්නිලැත්තෝ වත්මන් වන විනාශය පිළිබඳව අදහස් පල කළේ ය.

දැන් සොබා දහමත් ඉවසලා ඉවසලා බැරිම තැන මිනිස්සුන්ට දඬුවම් කරන්න පටන් අරගෙන. මෙහෙම විනාශ කරගෙන ගියොත් කොරෝනා ඇවිල්ලා අමෙරිකාවේ, චීනයේ මිය ගියාට වැඩිය ලෝකෙම මිනිස්සුන්ට එක දවසක් තුළ මිය යන්න සිද්ධ වෙයි. මේ ආසාව තණ්හාව නතර කරලා පරිසරය ආරක්ෂා කරගන්න. කෑලෑ කපලා ලොරිවල පටවන් යනවා හැබැයි අල්ල ගන්නේ වාහනේ යන කෙනාව විතරයි . මේක කැපුවේ කවුද සල්ලිවලට ගත්තේ කවුද කොන්ත්‍රාත් එක කරේ කවුද කියන එක හොයන්නේ නෑ . ඇත්තටම ආණ්ඩුවට කියන්නේ එහෙම එක්කෙනෙක් අහුවුණාම අග ඉදන් මුලටම යන්න ඕන . එහෙම කරන්නේ නැතුව එක තැනක එක්කෙනෙක් අල්ල ගත්තට වැඩක් නෑ.