රිෂාඩ් හා කිරිඇල්ල ජනපති කොමිසමේ පොලිස් ඒකකයට

රිෂාඩ් බදියුදීන් සහ ලක්ෂ්මන් කිරිඇල්ල 21 ප්‍රහාරය පිළිබඳ සොයන කොමිසමේ පොලිස් ඒකකයට

by Staff writer 15-09-2020 | 2:16 PM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් අප්‍රේල් 21 ප්‍රහාර පිළිබඳ සොයන ජනපති කොමිසමේ පොලිස් ඒකකයට අද පැමිණ තිබේ.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොමිසමේ පොලිස් ඒකකයට පැමිණියේ ප්‍රකාශයක් ලබාදීම සඳහාය. මේ අතර හිටපු බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අදත් අප්‍රේල් 21 ප්‍රහාර ගැන සොයන ජනාධිපති කොමිසමට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණියේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1052484101856688/