මහනුවරදී පැහැර ගත්තායැයි කියූ සිසුවිය හමුවෙයි

මහනුවරදී පැහැර ගත්තායැයි කියූ සිසුවිය හමුවෙයි

by Staff writer 15-09-2020 | 11:49 AM

COLOMBO (News 1st) - මහනුවර, බහිරවකන්ද මාර්ගයේදී අද උදෑසන පැහැර ගැනීමට ලක් වූ බව කියන පාසල් සිසුවිය හමුවී තිබේ.

ඒ, පාසලට ආසන්න ප්‍රදේශයකදීය. පොලීසිය පැවසුවේ, දැරිය වැඩිදුර විමර්ශන සඳහා ළමා හා කාන්තා කාර්යාංශය භාරයට යොමු කර ඇති බවයි. අද උදෑසන පාසලට එමින් සිටියදී දැරිය පැහැර ගැනීමට ලක්ව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. පොලීසිය පැවසුවේ, දැරිය 12 හැවිරිදි බහිරවකන්ද ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි. කෙසේ වෙතත් පැහැර ගැනීමට ලක් වූ බව කියන දැරිය දින තුනක් පමණ පාසල් පැමිණ නැතැයි විදුහල් බලධාරීන්ගෙන් අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/651542202454721/