by Staff writer 15-09-2020 | 2:28 PM
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපොළ රාජසන්තක කිරීම සම්බන්ධයෙන් සොයා බලන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නීතිපතිවරයාට උපදෙස් දී තිබේ.
ඒ, ඊයේ පස්වරුවේ ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදීය.
ජාවාරම්කරුවන්ට අයත්, දේපොළ අන් අයට පැවරීම හෝ විකිණීම තහනම් කිරීමට, කඩිනම් සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ ය.
ඊට අදාළ අධිකරණ නියෝග කඩිනමින් ලබා ගෙන එම කටයුතු විධිමත් කිරීමේ අවශ්‍යතාව ද අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දී තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, දේපොළ රාජසන්තක කිරීමේ ක්‍රියාවලියට නීති සංශෝධනයක් අවශ්‍ය වන්නේ නම් එම කටයුතු ද කඩිනම් කරන්නැයි, අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් දුන් බවයි.
මේ වනවිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ රාජසන්තක කිරීමට නියමිත දේපොළ අතර රුපියල් මිලියන 749 ක ඉඩකඩම් පවතින බව පොලීසිය පැවසීය.
පොලීසිය ප්‍රකාශ කළේ, ඔවුන්ට අයත් වාහන 89 ක් ද පවතින බවයි.
සැකකරුවන් අයත් මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 11 කට ආසන්න වේ.