by Staff writer 15-09-2020 | 9:42 PM
COLOMBO ( News 1st ) : එකඟ වූ ගිවිසුම්වලට අනුව රුපියල් මිලියන 275 ක දේපොළ ඉදිකර නියමිත කාල සීමාවේ පවරාදීමට නොහැකිවීම සම්බන්ධයෙන් බ්ලූ ඕෂන් බ්‍රීස් හා බ්ලූ ඕෂන් රියැලිටි නමැති සමාගම් දෙකට එරෙහිව ගැණුම්කරුවෙකු පවරා තිබූ නඩුව අද යළිත් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනුණි.
අද නඩුව විභාගයට ගත් අවස්ථාවේ බ්ලූඕෂන් සමාගම් සමූහයේ කොටස්හිමි අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.
සමාගම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ ප්‍රතිපත්තිමය කරුණුවල සිදුවූ වෙනස්කම් අප්‍රේල් 21 ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය නිසා සැලසුම් කළ ව්‍යාපෘති නියමිත කාලයේ අවසන් කිරීමට නොහැකි වූ බවයි.
නමුත් මේ ව්‍යාපෘති යළි ආරම්භ කර ඇති අතර ප්‍රශ්නගත දේපොළ ලබන වසරේ සැප්තැම්බර් වනවිට ඉදිකර අවසන් කළ හැකි බව ඔහු අධිකරණයට දැනුම් දුන්නේ ය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා සහ ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර යන මහත්වරුන් අවධාරණය කළේ , තම සේවාදායකයා රුපියල් මිලියන 275 ක් ආයෝජනය කර ඇති බවයි.
නමුත් එකඟ වූ කාල සීමාවේ දේපොළ පැවරීමට සමාගම අපොහොසත් වි ඇති බව පැමිණිල්ල කියා සිටියේ ය.
පැමිණිල්ලේ නීතිඥ අශාන් නවරත්න බණ්ඩාර මහතා
මිලියන 275 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් තමයි මේ නඩුව කතා කළේ. තුමිලන් සහ ඔහුගේ බිරිඳ තමයි මෙම නඩුවේ සැකකරුවන් වශයෙන් නම් කරලා තියෙන්නේ. ගල්ස්ස මහේස්ත්‍රාත් අධිකරණය නඩුව දෙසැම්බර් මාසයේ 17 නැවත කැඳවන්න සූදානම් කරලා තියනවා.
අධිකරණය සමාගමේ කොටස් හිමි අධ්‍යක්ෂවරුන්ගේ විදෙස් ගමන් තවදුරටත් තහනම් කර තිබේ.