නිව් ඩයමන්ඩ් නැව අත්ඩංගුවට ගත යුත යුතුයි

නිව් ඩයමන්ඩ් නෞකාව ආශ්‍රිත මුහුදෙන් ලබා ගත් ජල සාම්පල පිළිබඳ වාර්තාව නීතිපතිට

by Staff writer 15-09-2020 | 7:12 PM

COLOMBO ( News 1st ) : ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාව ආශ්‍රිත මුහුදෙන් ලබා ගත් ජල සාම්පල පිළිබඳ වාර්තාව මේ වනවිට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට ලැබී තිබේ .

නාවික හමුදාව ප්‍රකාශ කළේ, නෞකාව මේ වනවිට ගොඩබිමට මුහුදු සැතපුම් 70 ක් දුරක් දක්වා ගෙන ගොස් ඇති බවයි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහතා
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යැවුවා නැව තියෙන මුහුද අවටින් ලබා ගත් ජල සාම්පල. එහි වාර්තාවන් අපට ලැබිලා එහි පැහැදිලිව කියනවා නැවේ ඉන්ධන ඒ කියන්නේ බන්කර් ඔයිල් කියන එක තිබුණා කියන එක පැහැදිලිව දක්වලා තියෙනවා. ඒ එක්කම මෙම වාර්තාවේ සඳහන් කරනවා. කෲඩ් ඔයිල් ගණයට වැටෙන එහෙම නැතිනම් නැවේ ගෙන යමින් තිබුණ බොර තෙල් ගණයට වැටෙන සංඝටක සොයා ගන්න ජල සාම්පලවල හැකියාවක් ලැබුණේ නෑ කියලා. අපිට පේනවා බොරතෙල්වලින් කාන්දුවක් වු‍ණේ නෑ කියලා.
බොරතෙන් මෙට්‍රික්ටොන් 270.000 ක් සමග නිව් ඩයමන්ඩ් නෞකාව මෙරට මුහුදු සීමාවේදී හදිසි ගිනි ගැනීමකට ලක්වුයේ ඉකුත් 03 වැනිදායි. එහි ගින්න මැඩපැවැත්වීමට නාවික හමුදාව, ගුවන් හමුදාව , වරාය අධිකාරිය ඇතුලු පාර්ශවයන්ට දින කිහිපයක් ගතවිය. නාවික කපිතාන් ඉෂාරක පෙරේරා මහතා
දැන් කළ යුත්තේ මේක අත්අඩංගුවට ගන්න ඕනේ.අත්අඩංගුවට ගන්න තියෙන හොදම නිමිත්ත තමයි රාජකාරී පැහැර හැරීම. මෙහි කපිතාන් සහ කාර්ය මණ්ඩලය අඩුම තරමේ මේ නැව අනතුරේ කියලා බිස්නස් මැසේජ් එකක් ලෝකයට දීලා නෑ. නැව අපි සන්තකයේ තියෙද්දි අපිට පුළුවන් ඉතිරි කාර්ය භාරය කරගෙන යන්න. අයි එම් ඕ ඉන්ටර්නැෂනල් සැල්වේ කන්වෙන්ෂන් එක අනුව අපේ මේ සැල්වේ රිවෝඩ් එක අපිට අයිති වෙලා ඉවරයි. මොකද? අපි සියලුම දේවල් කරලා තියෙන්නේ. නැවේ අයිතිකරු අප්‍රිකානු රටක ඉන්න වෙනම ටීම් එකක්. කලමණාකරණ සමාගම ග්‍රීක් සමාගමක්. ඒගොල්ලන් නොමග යවලා තියෙනවා අපේ නිලධාරින්ව.
වෙළද නාවික කපිතාන් සුමිත් කාලවිල
සැල්වේජ් රිවෝඩ් එක අනිවාර්යෙන්ම අපිට ලැබෙන්න ඕනේ. ඉතින් ඒක ලැබෙන්න නම් අපි නැව අත්අඩංගුවට අරගෙන අපේ මුහුදු සීමාවට ගේන්න ඕනේ. එහෙම ගේන්නේ නැතුව හිටියොත් ඔය වෙන වෙන අයට පුළුවන් නැව එළියට අරගෙන ගිහිල්ලා ඒ නැවේ නම වෙනස් කරන්න. එතකොට අපි කරපු වියදමවත් අපිට කවර් කරගන්න ඩැමේජ් එකක් ගන්න අපිට බැරිවෙනවා.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහතා
අපි නැව අත්අඩංගුවට ගන්නවත් අපේ සන්තකයේ තබා ගන්නවත් නෙවෙයි කටයුතු කරන්න ඕනේ. අපේ කලාපයට එන නැවක් අනතුරට පත්වුණොත් ඒකට පිහිට වෙලා උදව් කරලා, අපේ කලාපයේ පරිසර හානියක් නොවන විදියට එය ඔවුන්ගේ ගමනාන්තය දක්වා යවන එක තමයි මං හිතන්නේ අප කළ යුතු හොදම දේ. ගිය විදයම් අපි රක්ෂණ වන්දි ලෙසට ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ කිසිම බාධාවක් නෑ. නැව අත්අඩංගුවට අරගෙන අපේ කලාපයට ගේනවා කියලා කියන්නේ අපිට දරා ගන්න බැරි වගකීමක් දරාගන්න බැරි බරක් අපි ගේනවා.