කිඹුලෙකු මැරූ 7 දෙනෙකු අත්අඩංගුවට

ත්‍රීකුණාමලය, නීලපනික්කි වැවේ කිඹුලෙකු මැරූ 7 දෙනෙකු කොටු

by Staff writer 15-09-2020 | 3:17 PM
COLOMBO (News 1st) : ත්‍රීකුණාමලය, ගෝමරන්කඩවල, නීලපනික්කි වැවේ සිටි කිඹුලෙකු මැරූ 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අඩි 8 ක පමණ දිගකින් යුත් කිඹුලෙකු එලෙස මරා දමා ඇති බවයි. සැකකරුවන් සිවිල් ආරක්ෂක බලකායට අනියුක්තව සේවය කරනු ලැබු පිරිසක් බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, මරා දමන ලද කිඹුලන් 3 දෙනෙකුගේ ඇටසැකිළි ඔවුන් සතුව තිබී සොයා ගත් බවයි. සැකකරුවන් අද ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.