by Staff writer 15-09-2020 | 5:17 PM
COLOMBO (News 1st) : ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස I.M.V ප්‍රේමලාල් මහතා අද තේරී පත්විය.
ඒ , මහ නගර සභාවේ විශේෂ රැස්වීමකදී මන්ත්‍රීවරුන් කළ යෝජනා ස්ථිර කීරිමකින් ය.
අනතුරුව නව නගරාධිපතිවරයා සිය ධුරයේ වැඩ භාරගත් අතර එම අවස්ථාවට බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරයා ද පැමිණ සිටි බව අප වාර්තාකරු සඳහන් කළේ ය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ මධුර විතානගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වීමෙන් පසුව එම ධුරය පුරප්පාඩු වී පැවැතුණි.