
වගා කළ නොහැකි කුඹුරු ඉඩම් සංවර්ධන කටයුතු සඳහා නිදහස් කිරීමේ තීරණයක්
වගා කළ නොහැකි කුඹුරු ඉඩම් සංවර්ධන කටයුතු සඳහා නිදහස් කිරීමේ තීරණයක්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – කුඹුරු ඉඩම් වශයෙන් හැඳින්වෙන නමුත් වගා කළ නොහැකි ඉඩම් සුදුසු සංවර්ධන කටයුත්තු වෙනුවෙන් හිමිකරුවන්ට නිදහස් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා පැවසුවේ, අදාළ ඉඩම් හිමිකරුවන් වෙත නිදහස් කිරීම සඳහා සරල ක්‍රමවේදයක් අනුගමනය කරන්නැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවය.
වර්තමානයේ පවතින තත්ත්වය තුළ මහජනතාවට සිදුවන අපහසුතා සැලකිල්ලට ගෙන ජනාධිපතිතුමාගේ උපදෙස් මත එම පියවර ගත් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
ලේකම්වරයා පැවසුවේ, එවැනි ඉඩම් හඳුනා ගැනීම ප්‍රාදේශීය මට්ටමින් මේ වනවිට සිදුවන බවයි.
එම කටයුතු අවසන් වූ පසු නව ක්‍රමවේදය හඳුන්වාදෙන බව ද ඔහු සඳහන් කළේ ය.
මෙරට කුඹුරු ඉඩම් ඛාණ්ඩ තුනක් යටතේ වර්ගීකරණය වේ.
එම වර්ගීකරණය වන්නේ, ඒ, බී , සී ලෙසයි.
ඒ ඛාණ්ඩයට අයත් කුඹුරු ඉඩම්වල වී වගාව පමණක් සිදු කළ යුතු අතර වෙනත් කිසිදු කටයුත්තකට යොදා ගැනීමට අවස්ථාවක් නොමැති අතර එසේ සිදු කිරීම නීතිය උල්ලංඝණය කිරීමකි.
කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ, බී ඛාණ්ඩයේ කුඹුරු ඉඩම්වල එක් කන්නයක හෝ වී වගාව, අපනයන භෝග වගාව හෝ එළවළු වගාව සිදුකළ හැකි බවයි.
කිසිදු වගාවක් කළ නොහැකි කුඹුරු ඉඩම් සී ඛාණ්ඩයට අයත් වන අතර එවැනි ඉඩම් හිමිකරුවන්ට සුදුසු සංවර්ධනයක් වෙනුවෙන් නිදහස් කිරීමට එලෙස තීරණය කර තිබේ.
වගාකළ නොහැකි කුඹුරු ඉඩම් සංවර්ධන කටයුතු සඳහා නිදහස් කිරීමේ තීරණයක්…
වගාකළ නොහැකි කුඹුරු ඉඩම් සංවර්ධන කටයුතු සඳහා නිදහස් කිරීමේ තීරණයක්…#lka #News1st
Newsfirst.lk यांनी वर पोस्ट केले मंगळवार, १५ सप्टेंबर, २०२०
- මරදානේ සත්‍යග්‍රහයට එල්ල වූ ප්‍රහාරයේ මූලික විමර්ශන වාර්තාව අද නිකුත් වෙයි..
- එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බැන් කී මූන් දිවයිනට
- අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06) පස්වරුවේ
- අරණායක අම්බලමක ළමුන් දෙදෙනෙකු සහ පියෙකුගේ මළ සිරුරු
- තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්… සයිප්‍රසය, ජෝර්දානය, ඉරානය ඇතුළු රටවල් කිහිපයකට බලපෑම්
- ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහගේ මරණය ගැන ඉන්දුනීසියා පොලිසිය විමර්ශන අරඹයි..
- කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කළ ආකාරය ගැන සැකකරුගෙන් හෙළිදරව්වක්..
- සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට..
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- පයාගල මුහුදේ දියනෑමට ගිය තරුණයෙකු අතුරුදන්