
පුද්ගල දුරස්ථාභාවය තබා ගැනීමට නොහැකි ක්‍රීඩා ඉසව් පාසල්වල තවදුරටත් තහනම්
පුද්ගල දුරස්ථාභාවය තබා ගැනීමට නොහැකි ක්‍රීඩා ඉසව් පාසල්වල තවදුරටත් තහනම්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොවන ක්‍රීඩා ඉසව් සංවිධානය තවදුරටත් තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අමාත්‍යාංශය පැවසුවේ, කොරෝනා අවදානම මෙරටින් පහව ගොස් නොමැති බැවින් එම තීරණය ගෙන ඇති බවය.
පාසල්වල සංවිධානය වන ක්‍රීඩා ඉසව් කාණ්ඩ හතරක් යටතේ වර්ගීකරණය කර ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, තනිව සිදු කරන ක්‍රීඩා හෝ ඉතා සුළු පිරිසක් පමණක් සහභාගී වන ක්‍රීඩා ඉසව් පැවැත්වීමට කිසිදු බාධාවක් නොවන බවයි.
කණ්ඩායම් වශයෙන් ක්‍රීඩා කරන නමුත් පුද්ගල දුරස්ථභාවය උපරිම කාලයක් ඇති කර ගත හැකි ක්‍රීඩා ඉසව් ද සෞඛ්‍ය උපදෙස්වලට අනුව සංවිධානය කිරීමට අවස්ථාව ලබා දී තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ වර්ගීකරණයට අනුව කණ්ඩායම් වශයෙන් සිදු කරන නමුත් හැකිතරම් පුද්ගල දුරස්ථභාවය සහිත ක්‍රීඩා ඉසව් සංවිධානයට ද අවස්ථාව ලබා දී ඇතැයි අමාත්‍යාංශය පැවසුවේ ය.
අමාත්‍යාංශය සඳහන් කළේ, පුද්ගල දුරස්ථාභාවය තබා ගැනීමට හැකියාවක් නොමැති ක්‍රීඩා ඉසව් සංවිධානයට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවය.
මේ සම්බන්ධයෙන් වන උපදෙස් චක්‍රලේඛයක් සියලු පාසල් ප්‍රධානීන්ට යොමු කළ බව ද අමාත්‍යාංශය පැවසුවේ ය.
අමාත්‍යාංශය සඳහන් කළේ, සංවිධාන වන සියලු ක්‍රීඩා ඉසව් නියමිත සෞඛ්‍ය ක්‍රමවේදයන්ට යටත්ව සිදුවනවා ද යන්න අධ්‍යනයට නිලධාරීයෙක් පත්කරන්නැයි ද අදාළ චක්‍රලේඛය මගින් උපදෙස් දී ඇති බවයි.
- කොවිඩ් එන්නත ලබා දීම ගැන හෙට පෙරහුරුවක්
- මානව හිමිකම් කඩවීම ගැන සෙවීමට ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිසමක්
- ඇන්ජලෝ මැතිව්ස්ගෙන් විශිෂ්ට ශතකයක්
- ඔලිම්පික් ක්‍රීඩා උළෙල යළි කල් යයි ද?
- කලා කීර්ති එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වෙයි
- නිල ඇඳුම් තිළිණපතේ වලංගු කාලය දිගුවෙයි
- නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කිරීමට යෝජනාවලියක්
- මරාන්තික උපවාසයේ ගොවීන් දෙදෙනෙක් රෝහල්ගත කෙරේ
- COVID 19 – Oxford එන්නත මෙරට භාවිතයට අනුමැතිය ලැබෙයි
- කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24 ක ජල කප්පාදුවක්