ඊශ්‍රායලය සහ UAE ඓතිහාසික සාම ගිවිසුමකට

ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අද ඓතිහාසික සාම ගිවිසුමට අත්සන් තබයි

by Staff writer 15-09-2020 | 11:19 AM

News 1st - අමෙරිකාවේ මැදිහත්වීමෙන් ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය(UAE) අතර ඓතිහාසික සාම ගිවිසුම අද අත්සන් කිරීමට නියමිතය.

ඒ, වොෂිංටන්හි ධවල මන්දිරයේදී ය. මෙම ගිවිසුම මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඊශ්‍රායලයට ආර්ථිකමය වශයෙන් සිදු කරන බලපෑම අවම කරනු ඇති. එමෙන්ම මෙම ගිවිසුම හරහා අමෙරිකාවේ ඇති දියුණු අවි ආයුධ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අලෙවි කිරීමට ඉඩ සැලසෙනු ඇති. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ඔටුන්න හිමි කුමරුගේ සොයුරෙක් ද සාම ගිවිසුම අත්සන් කිරීමේ උත්සවයට එක්වන බව සඳහන් වේ. ගිවිසුමට අනුව බටහිර ඉවුරේ විශාල භූමි ප්‍රදේශයක් සිය රටට ඇතුළත් කර ගැනීමේ සැලසුම ඊශ්‍රායලය අත්හිටුවනු ඇති. ගිවිසුම මගින් ඊශ්‍රායලය සමග සබඳතා ඇති කර ගත් තුන්වන අරාබි රාජ්‍යය ලෙස, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉතිහාසගත වනු ඇත. ඊශ්‍රායලය සහ ගල්ෆ් කලාපීය රටවල් අතර මෙතෙක් කිසිදු රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක් පැවතියේ නැත. මේ අතර අද ධවල මන්දිරයේදී බහරේන විදේශ අමාත්‍යවරයා හා ඊශ්‍රායලය සමග පවතින සබඳතා සාමාන්‍යකරණය වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කිරීමට ද නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. එම උපගිවිසුම ඊශ්‍රායලය සහ බහරේනය අතර යුද බලය භාවිතය ව්‍යාපාර කටයුතු සිදු කිරීම සඳහා උපකාරී වනු ඇති. කෙසේ වෙතත් මෙමගින් පෙර සිදු නොවූ පරිදි දේශපාලනික බලපෑම් රැසක් සිදු කරනු ඇතැයි විදෙස් වාර්තා මත පළ කරයි.