මාධ්‍යට තහනම් වූ වනාතවිල්ලුවේ සාකච්ඡාව...

මාධ්‍යට තහනම් වූ වනාතවිල්ලුවේ සාකච්ඡාව...

by Staff writer 14-09-2020 | 9:23 PM

COLOMBO (News 1st) - මේ මෙරට අධිසංවේදී පරිසර කලාප ඉවක් බවක් නොමැතිව වැනසෙමින් පවති.

පරිසර විනාශය... මේ දිනවල අපේ රටේ කතා කරන ප්‍රධාන මාතෘකාවකි. පසුගිය දා වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් එළුවන්කුලම, මංගලපුර, ග්‍රාම සේවා වසමේ, කුරිටියා මෝහොට්ටේ ප්‍රදේශයේ සිදු වූ ඉඩම් එළිපෙහෙලි කිරීම සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්ව විය. ඒ, විශයභාර අමාත්‍ය සී. බී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි. වනාතවිල්ලුව, එළුවන්කුලම මංගලපුර ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ගණනාවක ගස් මෙලෙස කපා දමා තිබුණේ පසුගිය 06 වැනි දායි. ඒ අතර ඇතැම් ගස් ගිනි තබා තිබුණි.‍ මෙම ඉඩමේ හිමිකම මේ වනවිට ලංකා සිමෙන්ති සංස්ථාව සතුව පවතින අතර අදාළ ඉඩම බදු පදනම මත සංස්ථාව විසින් ලබාගෙන තිබේ. මෙම වන සංහාරය පිළිබඳව මාධ්‍ය කරුණු වාර්තා කිරීමත් සමග අද ඒ පිළිබඳව කරුණු විමසීම සඳහා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත් වුණේ වනාතවිල්ලුව පොලිස් ස්ථානයේය. අදාළ සාකච්ඡාව ආවරණය කිරීමට මාධ්‍යට ඉඩ ලැබුණේ නැත. ප්‍රශ්නය,
ඇයි අපිව ගත්තේ නැත්තේ ?
ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති ගාමිණි ඒකනායක මහතා,
ඇතුළට ගත්තේ නැත්තේ ඔයාලා අවශ්‍ය නැති හින්දා නෙවෙයි. ඔයාලා අපිට අනිවාර්යෙන් අපිට ඕනේ.
ප්‍රශ්නය,
අපිට කියන්න ඇමතිතුමා මාධ්‍යට ඇයි තහනම් වුණේ ?
වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා,
සාකච්ඡාවක කරන කොට හැම එකටම මාධ්‍ය දාගන්නේ නෑ නේ, මාධ්‍යට අපි ඕන දෙයක් හංගන්නේ නැ‍නේ.
ප්‍රශ්නය,
දැන් මෙතන වගකිව යුතු පුද්ගලයින් කවුද කියලා හඳුනාගෙන තිබෙනවා ද ?
වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා,
අනිවාර්යෙන්ම ඒක සිමෙන්ති සංස්ථාවට ලබාදීලා ති‍යෙනවා අක්කර 5200 ක්, ඒකේ භූමිය තමයි දැන් මේ අත්පත් කරගෙන විනාශ කරමින් යන්නේ. ඒ නිසා සිමෙන්ති සංස්ථාවට අපි උපදෙස් දුන්නා ඒ ගිනිගත් භූමිය නැවත හරිත භූමියක් බවට පත් කිරීම සඳහා කටයුතු කරන්න.
පැය දෙකකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩයමක් අදාළ භූමි ප්‍රදේශය නිරීක්ෂණයට එක් විය. වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා,
මේක වන සංරක්ෂණයට අයිති නැ, වනජීවි එකට අයිති නැ, ‍‍හැබැයි රටේ පරිසර අමාත්‍යංශය මේ තීන්දුව ගත්තා. ජනප්‍රිය වෙන්න කතාන්දර කියන්න එපා.
වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා,
දැන් අපේ සභාපතිතුමා මේකට වග කියන්න ඕනේ නෑ. අප‍් සභාපතිතුමා ඇවිල්ලා ටික කාලයයි.
මේ අතර පරිසර නීති උල්ලංඝණය කරමින් නකල්ස් රක්ෂිතය තුළ පන්විල ඉහළ කලාපයේ අක්කර 5 කට ආසන්න භූමි ප්‍රදේශයක් එළිපෙහෙලි කිරීමේ පිළිබඳව අප ඊයේ වාර්තා කළෙමු. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රදේශය භාර නිලධාරීන් කළ සොයා බැලීමකදී අනාවරණ වී ඇත්තේ එළවළු වගාවක් සඳහා මෙම එළිපෙහෙලි කිරීම සිදුව ඇති බවය. රක්ෂිතය තුළ ඇති පෞද්ගලික ඉඩම් සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු ඇතත් මෙම ඉඩම සම්බන්ධයෙන් තොරුතුරු වාර්තා නොවන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රදේශය භාර නිලධාරීන් පවසති. ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය කෘෂිකර්ම දෙපාර්තමේනතුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්. ඩි. චිත්‍රනයනා,
1951 අංක 25 දරණ, පාංශු සංරක්ෂණ පනතත්, 1996 අංක 24 දරණ පශු සංරක්ෂණ සංශෝධන පනතත් ඒ අනුව ගැසට් කරන ලද පශූ සංරක්ෂණ පනතට අදාළව 2009 ගැසට් කරණ ලද නියෝගත් අනුව 60% ට වැඩි බැවුමක් තියෙන භූමි ප්‍රදේශයක යම් තැනත්තෙකු විසින් වාර්ශික බෝග වගා නොකළ යුතුයි කියලා දක්වලා තියෙනවා. සාමාන්‍යයෙන් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ එතුමා විසින් බලය පවරන ලද නිලධාරියේකුට පුළුවන් ගිහිල්ලා, එතන වෙච්ච හානිය බලලා, ඒ අනුව ක්‍රියාත්මක වෙලා නිර්දේශ දෙන්න පුළුවන් පළමුවෙන්ම.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා,
අවධානය යොමු මිය යුත්තේ වික්ටෝරියා ජලාශට එක් වන ජලය ගෙන යන ගංගාවක් වන හුලු ගග පෝෂණය වෙන්නේ මේ නකල්ස් රක්ෂිතයෙන්. නමුත් අපිට ආරංචි වුණා කඳුවල ඉහළ කොටසේ ජල මූලාශ්‍රවල ඉහළ කොටසේ වනය විනාශ කරලා සුද්ධ කරලා වගාවට සූදානම් කරලා තියෙනවා කියලා. වික්ටෝරියා ජලාශ මූලිකයි, ඒ වගේම රන්දෙනිගල සහ රන්ටැඹේ ජලාශ ස්වභාවික පරිසරයෙන් ආරක්ෂා වෙලා තියෙනවා. නලක්ස් රක්ෂිතයෙන් එන ජල ප්‍රහාවහ තමියි ප්‍රධාන ජල ප්‍රවාහයක් වන්නේ වික්ටෝරියා ජලාශයට. හුලු ගග හරහා වික්ටෝරියා ජලාශයට එක් වෙනවා. රන්ටැඹේ ජලාශයෙන් 60% ක් පිරිලා තියෙන්නෙ රොන්මඩවලින්. දැන් මේ තත්ත්වය ඉදිරි අනාගතයේදි වික‍්ටොරියා ජලාශයටත් වෙන්න පුළුවන්. මේ අක්‍රමවත් එළිකිරීම් නිසා.
https://www.facebook.com/NewsfirstSL/videos/1717845795045938/