බෙලරූස්හි ප්‍රචණ්ඩ විරෝධතා තවදුරටත්....

බෙලරූස්හි ප්‍රචණ්ඩ විරෝධතා තවදුරටත්....

by Staff writer 14-09-2020 | 10:30 AM

COLOMBO ( News 1st ) : බෙලරූස්හි ප්‍රචණ්ඩ විරෝධතා තවදුරටත් ක්‍රියාත්මක වේ.

ඒ, එරට ජනපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ හා රුසියානු ජනපති වැලැදීමීර් පුටින් අතර සාකච්ජා පැවත්වීමට එරෙහිවයි. මෙම සාකච්ජාව අද දින ජනපති ලුකෂෙන්කෝ හා රුසියන් ජනපති පුටින් අතර පැවැත්වීමට නියමිත ය. එරට විපක්ෂය ඉල්ලා සිටින්නේ සාකච්ජාවෙන් අනතුරුව රට විකුණා දැමීමට කටයුතු නොකරන ලෙසයි. ඔක්ට්යාබ්‍රස්කයා චතුරස්‍රය අසළට රුස්වූ විරෝධතාකරුවන් දහස් ගණනක් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විරෝධතාකරුවන් පාගමනින් ජනාධිපති මන්දිරය වෙත ගොස් ඇති බවයි වසර 26 ක කාලයක් ජනාධිපති ධූරය හෙබ වූ ජනපති ලුකෂෙන්කෝට දූෂණ චෝදනා රැසක් එල්ල වේ. නමුත් ඔහු ඒ සියල්ල ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.