පවුල් ඈත් කළ ගමේ පාලම..

පවුල් ඈත් කළ ගමේ පාලම..

by Staff writer 14-09-2020 | 9:17 PM

COLOMBO (News 1st) - ව්‍යවස්ථා වෙනස්කම්, දේශපාලන වාදවිවාද, මේ ඔක්කොම ගැන අවධානය යොමුවන අතරවාරයේ ජනතා ගැටලු කිහිපයක් වෙතයි අපගේ අවධානය.

ගම්මැද්ද කණ්ඩායම් අද ත් ජනතාව හමුවෙන්න කුරුණෑගල, හම්බන්තොට සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවල සංචාරය කළේ ය. කුරුණෑගල, ගෝනගල ගමෙ පවුල් 150 කට අයත් ජනතාව එහා ඉවුර වන මුවනදලා මුවන් තැන ගමේ ඉන්න නෑදෑයන්ගෙන් ඈත් වෙලා දැන් ගොඩක් කල් වනු ඇත. පවුල් ඈත් කළේ ගමේ පාලම. මේ පාලමේ දැනට ඉතිරි කොන්ක්‍රීට් කෑලි කිහිපයක් පමණි. මීටර 100 ක පාලම හැදුවොත් ගම් 2 එකතු කරන්න පුළුවනි. වටෙන් ගියොත් කිලෝමීටර් 4 ක දුරක් යන්න අවශ්‍යයි. වැහිදාට කොහොමවත් ගමන් බිමන් යන්න නොහැකිය. හම්බන්තොට, උඩමත්තල හා පහළ මත්තල කියන්නේ හම්බන්තොට තියෙන ඉතාමත් දුෂ්කර ගම්මාන දෙකකි. ගමට ගුවන්තොටුපොළක් තිබුණට යන්න එන්න පාරක් නොමැත. බලධාරීන් හිතන් ඉන්නව ඇත්තේ මේ ගමේ අයත් ගමන් බිමන් යන්නේ උඩින් කියලා. ඒකයි පාර හදන්නේ නැත්තේ. ගමේ ප්‍රශ්න පාරෙන් නතර වෙන්නේ නැත. වනඅලි වගේම ජල ගැටලුවත් තදටම පවති. මේ ජනතාවට ගොවිතැනට ප්‍රමාණවත් වතුර නැත. තියෙන එකම වැවත් ගොඩ වෙලා. ලුණුගම්වෙහෙර ජල ව්‍යාපෘතියෙන් ජලය ලබා දෙන්නෙත් දවසක් ඇර දවසකි. මිනිස්සුන්ට වතුර බොන්න වෙලා තියෙන්නෙ දවසක් හැර දවසකි. අලි වැටේ විදුලිය නැත. අලි වැට කලු ගල්වලට හේත්තු කරලා ඇත. ත්‍රිකුණාමලය, සල්ලගාමම් කියන්නේ ධීවර ගම්මානයකි. මේ ගම්මානේ ධීවර පවුල් 800 ක් විතර ජීවත් වෙති. බෝට්ටු ගාල් කරන්නවත් ජැටියක් නෑ මේ මිනිසුන්ට. සාමාන්‍යයෙන් මෝයකටක් අඩි හයක් ගැඹුරට තියෙන්න ඕනි. හැබැයි දැන් සෙල්ලග්‍රාමම්වල තියෙන මෝයකට අඩි පහක් විතර වටේ තියන හෝටල්වලින් දාන කැළි කසළවලින් හා අපද්‍රව්‍යවලින් යටවී පවති. මේ මිනිසුන්ට තමුන් ජීවිකාව කර ගන්නවත් හරියට බෝට්ටුවක් ගෙන්න ගන්න විදියක් වත් නෑ මේ ප්‍රශ්නේ හින්දා. මිනිස්සු ඉල්ලන්නේ මේ මෝයකට බැහැර කරන කැළිකසළ බැහැර කරන්නැතුව මේ මෝය කට හරියට හදලා දෙන්න කියලා. https://www.facebook.com/NewsfirstSL/videos/3437212512967059/