එජාප නියෝජ්‍ය නායක ධුරය රුවන් විජේවර්ධනට:  ජනවාරි දක්වා නායකත්වය රනිල්ට

එජාප නියෝජ්‍ය නායක ධුරය රුවන් විජේවර්ධනට: ජනවාරි දක්වා නායකත්වය රනිල්ට

එජාප නියෝජ්‍ය නායක ධුරය රුවන් විජේවර්ධනට: ජනවාරි දක්වා නායකත්වය රනිල්ට

කර්තෘ Staff writer

14 Sep, 2020 | 6:20 pm

COLOMBO (News 1st) – එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන මහතා පත් විය.

ඒ, අද සවස පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැත්විය.

අද දිනයේ විශේෂයෙන් අවධානය යොමු කර තිබුනේ හිස්ව පැවති එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පදවිය සඳහා කෙනෙකු පත්කර ගැනීම වෙනුවෙනි.

ඒ සඳහා අද රවී කරුණානායක හා රුවන් විජේවර්ධන යන මහත්වරුන් ඉදිරිපත් වීම හේතුවෙන් රහස් ඡන්දයක් පවත්වා නියෝජ්‍ය නායකයා තෝරාගෙන තිබුණි.

එහිදී රුවන් විජේවර්ධන මහතාට ඡන්ද 28 ක් ලැබුණු අතර රවී කරුණානායක මහතාට ලැබී තිබුණේ ඡන්ද 10 ක් පමණි.

නව නියෝජ්‍ය නායක ලෙස පත්වූ රුවන් විජේවර්ධන මහතා පිළිගැනීමට සිරිකොත පක්ෂ මුලස්ථානය වෙත ආධාරකරුවන් පිරිසක් පැමිණ සිටියහ.

ඔවුන් සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඇති බුද්ධ මන්දිරය වෙත ගිය විජේවර්ධන මහතා අගමික වතාවත්වල නිරත විය.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා ලබන ජනවාරි දක්වා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දරන බව ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වජිර අබේවර්ධන මහතා පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]